Wednesday, November 10, 2010

                              පරිගණකය යනු

පරිගණකය යනු සංඛ්‍යාත උපයෝගී කර ගනිමින් දත්තයන් ඇතුලු කිරීම,ගබඩා කිරීම හා සැකසීම සිදුකළහැකි විද්‍යුත් තාක්ෂණික උපකරණයකි. එහෙත් පරිගණකය යනු තනි උපකරණයක් නොවන අතර system unit, Monitor (VDU) , Key board, Mouse වැනි උපකරන සියල්ලන්ගේම එකතුවකි.

                               පරිගණකයේ ඉතිහාසය
පරිගණකය සදහා දීර්ග ඉතිහාසයක් ඇත. මුල් කාලීන මිනිසා දත්ත ගණනය සදහා කුඩා ගල් කැට භාවිතා කල අතර පරිගණකය නිපදවීමට පෙර ගණනය කිරීම සදහා විවිද උපකරන නිපදවිය.
එම උපකරන අතර ක්‍රි.පූ. 450 දී චීනයේ නිපදවූ ඇබකසය (abacus) මුල්ම ගණනය කිරීමේ උපකරණය ලෙස ‍සැලකේ.
මින් අනතුරුව 1617 දී ජෝන් නේපියර් (john napier) විසින් සංඛ්‍යා ගුණකිරීම සදහා දඩු චත්‍රය නමින් යන්ත්‍රයක් හදුන්වා දෙන ලදී.
පසුව 1642 දී බ්ලේස් පැස්කල් (Blaise Pascal ) විසින් Arithmetic Machine 
නමින් ප්‍රථම යාන්ත්‍රක ගණක යන්ත්‍රය නිපදවන ලදී.(මෙම යන්ත්‍රය මගින් බෙදීම් හා වැඩිකිරීම් සිදුකළ නොහැක.)
ජර්මානු ජාතික ගණිතඥයෙකු වූ ලිඩිනිට්ස් (G.W. Leidinitz) විසින් Arithmetic Machine යේ පැවති දුර්වල තා සකස්කර   Leidinitz Machine නිපදවිය. මෙම යන්ත්‍රය මගින් බෙදීම් හා වැඩිකිරීම්ද සිදුකළහැක.
ඉහත උපකරණ කිසිවක් පරිගණකය ලෙස සැලකිය නොහැක. නමුත් පරිගණකයේ වර්ධනය සදහා මග පාදාදුන් උපකරන ලෙස ඒවා සැලකිය හැක.
නූතන පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 1972 දී එංගලන්තයේ උපත ලද චාල්ස් බැබේජ් (charles Babbage) ය. එයට හේතු වූයේ 1833 දී ඔහු විසින් නිපදවන ලද වාෂ්ප බලයෙන් ක්‍රියාකරන Difference Engine නම් යන්ත්‍රය පරිගණකයක සතු මූලික උපාංගයංගෙන් යුක්ත වීමයි.
එනම් දත්ත ඇතුලත් කිරීමට (Data Input), දත්ත සකස් කිරීමට ( Data Processing ) , දත්ත ගබාඩාකිරීමට (Data Storage) හා දත්ත නිකුත් කිරීමට (Data Output) උපෙයා්ගී කර ගතහැකි උපකරණයන්ෙගන් යුතු වීමයි.

ඉන් පසු චාල්ස් බැබේජ් (charles Babbage) විසින්ම නිර්මාණය කල Analytical Engine යන්ත්‍රය සදහා වැඩසටහන් සකස් කරමින් Ada Lovelace ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් කරු බවට පත්විය.
එවකට විවිධ තාක්ෂණික නිර්මාණ බිහි කිරීම අතින් ඉදිරියෙන් සිටි IBMසමාගම විසින් ප්‍රථම වරට විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන MARK 1 නැමති පරිගණකය බිහි කරන ලදී.
ඉන් පසු 1946 දී වර්ග අඩි 1500ක පමණ විශාලත්වයකින් යුතු Vacuum Tube 18000ක් පමණ උපයෝගී කර ගනිමින් Eniac නම් පරිගණකය බිහිවිය. මෙය පරිගණකයේ පළමු පරම්පරාව සංඛේතවත් කරනු ලබයි. ( මෙය ප්‍රථම විද්‍යුත් පරිගණකය ලෙස හදුන්වයි)
1951 දී Univac නමින් ප්‍රථම ව්‍යාපාරික පරිගණකය වෙළෙද පොළට එළිදැක්විය.
1954 දී Transistor යොදාගැනීමත් සමගම පරිගණකයේ දෙවන පරම්පරාව බිහිවිය.
1964 දී පරිගණකයේ තුන්වන පරම්පරාව කලඑළි බසින්නට වූයේ පරිගණකය සදහා Integrated Circuits යොදා ගැනීමත් සමගය




 වර්ථමානය වන විට  Micro Processor (ක්ෂුද්‍ර සකසනය) යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම සිදුවන අතර ඒවා හතරවන පරම්පරාවේ පරිගණක
 
 
  1.  මෙම Micro Processor පරිගණකයේ මොළය ලෙස ක්‍රියාකරමින් ගණිතමය හා තාර්කික ගැටලු විසදීමේ ඒකකය ලෙසද කටයුතු කරනු ලබයි.පරිගණකයේ වර්ධනය ප්‍රධාන පරම්පරා 4කට බෙදා වෙන්කළ හැක. පළමු පරම්පරාවේ හා සිවුවන පරම්පරාවෙහි ප්‍රධාන වෙනස්කම්. 
 

පළමු පරම්පරාව
සිවුවන පරම්පරාව
·         Vacuum Tube භාවිතය
·         දත්ත ගබඩා කිරීම සීමිතය
·         අධික තාපය
·         Symbolic Language භාවිතය
·         දත්ත ඇතුලු කිරීමට Punched Card භාවිතය
·         Magnetic Tape හදුන්වා දීම

·         Micro Processor භාවිතය
·         දත්ත ගබඩා කිරීම වර්ධනය විය
·         තාපය අවම කරගැනීමට cooling Fan භාවිතය
·         විවිධ Language භාවිතය
·         දත්ත නිකුත් කිරීමට Video Monitors භාවිතය
·         දත්ත ගබඩා කිරීම සදහා Magnetic Disk හා Pen Drive වැනි උපකරණ භාවිතය
·         තොරතුරු පිටතට ලබාගැනීම සදහා (output) Printer Devices හදුන්වා දීම        


                              පරිගණකයේ ක්‍රියාවලිය

          යෙදවුම්                        සැකසුම්                       නිමවුම්
         (දත්ත ඇතුල් කිරීම)  (දත්ත සකස් කිරීම)           (තොරතුරු)

අපට අවශ්‍ය දත්තයක් පරිගණකයට ඇතුලු කිරීමත් එසේ ඇතුලු කළ දත්ත පරිගණකයේ ඇති විවිධ පහසුකම් උපයෝගී කර ගනිමින් යම් නිරිමාණයක් සිදුකර, අවසානයේ Output Device හරහා Soft copy හෝ hard copy ලෙස ලබාගැනීමට හැකි වේ.

                        පරිගණකයේ ලක්ෂණ
·         වේගය 
පරිගණකය එහි කාර්යයන් අධික වේගයෙන් සිදුකරනු ලබන අතර එහි වේගය මැනීම සදහා තත්පරයෙන් 1/1000000 හා තත්පරයෙන් 1/1000000000 වැනි කුඩා මිනුම් ඒකක භාවිතා කරයි. 
·         නිවැරදි භාවය
පරිගණකය මගින් සිදුකරනු ලබන කාර්යයන්හි නිවැරදි තාවය ඉතා ඉහල මට්ටමක් ගනී.
·   ගබඩා කිරීමේ හැකියාව
පරිගණකය තුල (Hard disk තුල) හෝ පරිගණකය හා සම්බන්ද බාහර ගබඩා ඒකක ( CD, Diskettes, USB plash Drive ) ඇසුරුකර ගනිමින් විශාල වශයෙන් දත්ත ගබඩාකිරීමේ මෙන්ම අවශ්‍ය විට එම දත්ත නැවත ලබාගැනීමේ හැනියාවද ඇත.
·    වෙහෙසට පත් නොවීම
පරිගණකය යනුත්‍රයක් බැවින් එය වැඩ එපාවීමකට ලක්නොවේ. එය පළමු කාර්යය මෙන්ම අවසන් කාර්යයද එක හා සමාන වේගයකින් සිදු කරනු ලබයි.
·   ස්වයංක්‍රීයත්වය
පරිගණකයට උපදෙස් ලබාදුන් පසු එහි කාර්යයන් නිමාවන තුරු ස්වයංක්‍රීයව කටයුතු කරගෙන යයි.

 ·  විවිධ කාර්යයන් කිරීමේ හැකියාව (බහු කාර්යත්වය)

කිසිදු වැරදීමකින් තොරව විවිධ කාර්යයන් විශාල ප්‍රමාණයක් ප්‍රමාණයක් එකවර සිදුකිරීමේ හැකියාව පරිගණකය සතුව පවතී.
පරිගණකයෙන් සිදුකෙරෙන කාර්යයන්
මිනිස් උපතේ සිට අභ්‍යවකාශයට යාම දකුවා වූ වර්ථමාන සමාජයේ සියලු ක්‍රියාකාරීත්වයන් පරිගණකයට පවරා අවසන්ය. එහෙයින් පරිගණකයේ කාර්යය මෙය යැයි වර්ගකළ නොහැකි වුවත් පොදු භාවිතය අනුව පහත පරිදි දළ වර්ගීකරණයකට ලක්කළ හැක.

·         තොරතුරු ගබඩාකර තබාගැනීම
·         නිර්මාණාත්මක කටයුතු
·         ගවේෂණ කටයුතු
·         තීරණ ගැනීම
·         ගණනය කිරීම
·         සන්නිවේදන කටයුතු
·         විනොදාත්මක කටයුතු

                       පරිගණක වර්ග
පරිගණක මගින් සිදචුකරනු ලබන කාර්යන් හා එහි ධාරිතාවය මත මූලික වශයෙන් පරිගණක වල විවිධත්වයක් පවතී.
       Super Computer
  1. Mainframe Computer
  2. Mini Computer
  3. Personal Computer – ලොව වැඩිම වශයෙන් භාවිතා වන පරිගණකය මෙයයි.
                          පරිගණකය ක්‍රියාත්මක කිරීම

UPS හෝ ප්‍රධන විදුලි සැපයුම On කිරීම               System Unit හි ඇති power button On කිරීම                 Monitor, Speaker හා පරිගණකයට සම්බන්ද කර ඇති අනෙකුත් උපකරණද සක්‍රීය කරන්න (පරිගණකය
 ලෝඩ් වීමට ස්වල්ප වේලාවක් ගතවන අතර ඒ අතරතුරදී  විධාන ලබාදීමෙන් වලකින්න)


                   පරිගණකය shut down කිරීම
   
Start               Shut down (Turn Off)               Stand By / Shut Down (Turn Off) / Restart 
Down (Turn Off) – මේ මගින් පරිගණකය ක්‍රියා විරහිත කළ හැක.
Stand By - යම් විධානයක් ලබාදෙන තෙක් පරිගණකය අර්ධ වශයෙන් ක්‍රියා විරහිත කිරීමක් සිදුකළ හැක.
 Restart - මෙමගින් පරිගණකය ක්‍රායා විරහිත කර නැවත පණගැන්වීමක් සිදුකළ හැක.

Central Processing Unit (CPU) - මධ්‍ය සැකසුම් ඒකකය
මෙය පරිගණකයේ මොළය ලෙස ක්‍රියා කරමින් එහි සියලුම ක්‍රියාකාරකම් පාලනය කරනු ලබයි. මධ්‍යම සැකසුම් පද්දතිය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක.
ප්‍රධාන මතකය - Main Memory
පාලන ඒකකය - Control Unit
ගණිතමය හා තාර්කිකමය ඒකකය - Arithmetic & Logic Unit
තිරය ( Monitor )
රූපවාහිනී තිරයකට සමාන මෙය වීඩියෝ කාඩ් පත ( VGA card ) මගින් ජනනය කරනු ලබන දෘෂ්‍ය  ප්‍රථිපාදන දර්ෂණය කළ හැකි අතර දෙයාකාරයක Monitor වර්ග ඇත.
·   Mono chrome Monitor  - කළු හා සුදු අතර වර්ණ පරාසයන්ගෙන් දෘෂ්‍ය  ප්‍රථිපාදන දර්ෂණය කළ හැකි Monitor මේ නමින් හැදින්වේ.
·    Color Monitor - සියලුම වර්ණයන්ගෙන්  දෘෂ්‍ය  ප්‍රථිපාදන දර්ෂණය කළ හැකි Monitor මේ නමින් හැදින්වේ.
Color Monitor නිෂ්පාදනය කරනු ලබන තාක්ෂණය අනුව ප්‍රධාන වර්ණ දෙකකට බෙදා දැක්විය හැකිය.
·     කැතෝඩ කිරණ නාලිකාවක් සහිත මොණිටරය ( Cathode Ray Tube (CRT)
·     ද්‍රව ස්ඵටික දර්ශක සහිත මොණිටරය ( Liquid Crystal Display (LCD)

         Key Board - යතුරු පුවරුව
යතුරු පුවරුව යනු පරිගණකය වෙත දත්ත ඇතුලු කිරීම ( In Put) සදහා භාවිතා වන ප්‍රධානම උපාංගයයි. වර්ථමාණයේ භාවිතා කරන යතුරු පුවරු ඉලෙක්ට්‍රෙනික යතුරු පුවරු ලෙස හදුන්වන අතර සාමාන්‍යයෙන් එහි යතුරු 104 කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත වේ.
යතුරුපුවරු මධ්‍ය සැකසුම් ඒකකයට සම්බන්ධ කරනු ලබන කේබලයේ ස්වභාවය අනුව යතුරු පුවරු වර්ග කිහිපයකි.
·    PS2යතුරු පුවරුව
·   සීරියල් පෝට් (Serial Port) යතුරු පුවරුව
·   වයර්ලස් (wireless ) යතුරු පුවරුව

වර්තමාණයේ භාවිතා කරන යතුරු පුවරුවේ ප්‍රධාන කොටස්
·        යතුරුලියන යතුරු ( Typing Key) 
යතුරුපුවරුවේ ප්‍රධානම යතුරු වන මේවා ලිප ලේඛන සැකසීම, පරිගණකයට විධාන ලබාදීම, පරිගණක වැඩසටහන් ලිවීම ආදී සෑම කාර්යක් සදහාම මෙම යතුරු භාවිතා කරයි.
සම්මත යතුරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26න් යුතු වන අතර  අවශ්‍ය විටෙක එම යතුරුම වෙනතුභාෂා සදහා පරිවර්ථනය කරගත හැක.
·        සංඛ්‍යාත්මක යතුරු (‍ Numeric Key)
යතුරු පුවරුවේ දකුනු පස 0 සිට 9 දක්වා ඉලක්කම් ආදී සලකුනු වලින් යුතු වේ. මෙම කොටසින් යම් කාර්යක් කරගැනීම සදහා එම ඇසුරුම ඉහලින් ඇති Num Lock යන යතුර වරක් එබීමෙන් සක්‍රිය කර ගත යුතුය.  
·        කාර්යය යතුරු ( Function Key )
නූතන යතුරු පුවරුවේ ඉහලින් විශේෂ යතුරු පුවරුවක් දැකගත හැක. ඒවා Function Key ලෙස හදුන්වයි. F1 සිට F12 දක්වා මෙම යතුරු වෙයි. මෙමගින් එකිනෙකට වෙනස් කාර්යන් සමූහයක් සිදුවෙයි.
·    පාලන යතුරු ( Control Key)
මෑතකදී පරිගණකය භාවිතා කරන්නාගේ පහසුව පිණිස යතුරු පුවරුවට එක්වූ විශේෂ යතුරු කිහිපයකි.
Enter, Home, End , Insert, Delete, Page Up, Page Down, Ctrl, Alt, Shift ආදී පාලන යතුරු වලින් එකිනෙකට වෙනස් කාර්යයන් ඉටුවේ.
Enter Key මෙය ඉතාම වැදගත් යතුරක් වන අතර  මෙයින් පරිගණකයට නොයෙක් විධාන ලබාදීමද කර්සරය එක් පේලියක සිට තවත් පේලියකට ගමන්කරවීමද මෙහි ප්‍රධාන කාර්යයන් ‍අතර වේ.
Mouse - මූසිකය
පරිගණකය වෙත දත්ත ඇතුලත් කිරීමේ Input Device එකක් ලෙස ක්‍රියා කරන උපකරණයකි. වර්ථමානයේ භාවිතාවන මෙහෙයුම් පද්දති සදහා Point and Click  නැමති තාක්ෂණ ක්‍රමය වැඩි වශයෙන් භාවිතා කිරීම නිසා මූසිකයට විශාල කාර්යභාරයක් කිරීමට සිදුවේ.
යතුරුපුවරුවේ මෙන්ම  මවු පුවරුවට මූසිකය සවි වන ආකාරය අනුව PS2, Serial Port, wireless යනුවෙන් Mouse වර්ග කිහිපයක් පවතී.
Floppy  Drive
Floppy  Disk ඇසුරින් දත්ත ගබඩා කිරීම සිදුකෙරෙනුයේ මෙම ධාවකය මගිනි.
Bootable Drive ලෙසද මෙය යොදාගතහැක. නවීන පරිගණයන්ගෙන් මෙය ඉවත්කර තිබුනද අවශ්‍යතාවය මත මෙම ධාවකය සවිකරගත හැක.

Compact Disk Drive
(සංගත තැටි ධාවකය)  / CD Writer
දත්ත කියවීම මෙන්ම දත්ත ලිවීම සිදුකළහැකි උපකරණයන් දෙකකි. පරිගණකය එකලස් කිරීමෙන් පසු ඒ තුල පිහිටවිය යුතු මෙහෙයුම් පද්දති, මෘදුකාංග, ගීත, චිත්‍රපට දර්ශන, පරිගණක ක්‍රීඩා ආදී සියලුම දේ ප්‍රධාන වශයෙන් තැම්පත් කරනුයේ සංයුක්ත තැටි තුලය. එහෙයින් මෙය පරිගණකයට අත්‍යවශ්‍යම අංගයක් බවට පත්වී ඇත. 
සංයුක්ත තැටි ධාවකය මගින් CD තැටිවල ඇති දත්ත කියවීමට හැකි වූවද CD වල දත්ත ගබඩා කිරීමේ කාර්යය ඉටු කිරීම සදහා CD writer නැමති උපාංගය අවශ්‍ය වේ.  වර්ථමාන Bootable Drive ලෙස ක්‍රියාකරන ප්‍රධාන උපකරණයක් වේ.

මධ්‍ය සැකසුම් ඒකකයට සවිකරගතහැකි ප්‍රධාන උපාංග වර්ග

·         Input Device
·         Output Device
·         Data Storage Devices

Input Device (දත්ත ඇතුලු කිරීමේ උපකරණ )

දත්ත සකස්කිරීම සදහා පරිගණකයට දත්තත ඇතුලත් කිරීම Input (ආදානය) ලෙස හැදින්වේ. ආදාන උපකරණ ලෙස පරිගණකයට සම්බන්ධ කළහැකි උපාංග කිහිපයක් පහත වේ.
·        Key Board
·        Mouse
·        Flat Bed Scanner
·        Hand Held Scanner
·        Mick
·        Video Camera
·        Digital Camera
·        Joystick

Output Device දත්ත ලබාගැනීමේ උපකරණය

දත්ත සකස්කිරීම සදහා පරිගණකයට දත්ත ඇතුලු කිරීමෙන් පසුව අප විසින් සපයන උපදෙස් අනුව මධ්‍ය සැකසුම් ඒකකය තුල සකස් කරනලද දත්ත Output හෙවත් ප්‍රථිදාන ලෙස හැදින්වේ. Output Devices කිහිපයක් පහත වේ.
·         Monitor
·         Printer
·         Speaker
·         Plotter

Data Storage Devices දත්ත ගබඩා කරනු ලබන මාධ්‍යයන්

දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයන් කිහිපයක් පහත වේ.
·        Hard disk - දෘඩ තැටිය
·        Floppy Disk  - නම්‍ය තැටි
·        Compact Disk - සංයුක්ත තැටි
·        Zip Disk - ෂිප් ඩිස්ක් (Removable Disk වන මෙය වසර ගණනකට ඉහතදී භාවිතා කළද මේ වන විට භාවිතයේ නොමැත)
·        Tape Disk - ටේප් ඩිස්ක් (Removable Disk වන මෙය වසර ගණනකට ඉහතදී භාවිතා කළද මේ වන විට භාවිතයේ නොමැත)
·      Cassette - කැසට්
·      Pen /
Flash Drive
- පෙන් ඩ්‍රයිව් ( ඉතා මෑතකදී වෙළෙද පොළට හදුන්වාදුන් දත්ත ගබඩා කිරීමේ බාහිර මාධ්‍යක් ලෙස Pen /
Flash Drive
හැදින්විය හැක. USB ‍සොකට් එකට ඇමිණිය විගස ක්‍රියාත්මක වන උපාංගයක් වන මෙය 8MB – 16 GB යන ධාරිතාවයන්ගෙන් ලබාගත හැක.    
·       
මෙමමාධ්‍යන්හි වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ Iron oxide පටලයක් සහිත චුම්භක කළ හැකි තැටි විශේෂයකි.  
මව් පුවරුව  Mother Board
මවු පුවරුව යනුවෙන් හැදින්වෙන්නේ CPU එක තුල පිහිටා ඇති ප්‍රධාන පරිපථ පත්‍රයයි. මෙය මේන් බෝඩ්, සිස්ටම් බෝඩ් යන නම්වලින් ද හැඳින් වේ. පරිගණකයට අදාළ සියලුම උපාංග සවිවනු ලබන පරිපථවලින් හා සොකට්වලින් සමන්විත පුවරුවකි.
මවි පුවරු සවි කරනු ලබන ප්‍රොසෙසරය අනුව මව් පුවරු ප්‍රමාණාත්මකව මෙන් ම තාක්ෂණික වශයෙන් ද එකිනෙකට වෙනස්කම්වලින් යුතු වේ.
මුල් කාලිනව Sound Card, Video Card, Modem වැනි උපාංගයන් මවි පුවරුව සතුව නොපැවතුණු අතර බාහිරින් මේවා සවි කිරීමට සිදු විය. (Adaptor Cards)
 එහෙත් වර්තමානයේ දි මව් පුවරුව තුලම Sound Card, Video Card, Modem වැනි උපාංගයන් අන්තර්ගතව පවති. මෙය On Board Technology ලෙස හඳුන්වනු ලබයි.එහෙත් මව් පුවරුව තුළම මෙම උපාංග පිහිටීම ඒවා Up – Grade කිරීමේ දි නැවත ප්‍රතිස්ථාපනය   කිරීම තරමක් සංකීර්ණ කාර්යයක් විය.එසේම ඒවායෙන් ජනිත වන රූප හා ශබ්ද එතරම් තත්ත්වයෙන් උසස් යැයි පැවසිය නොහැකිය.මේ නිසා මව් පුවරුවක් මිළ දි ගැනිමේ දී එය On Board Technology තාක්ෂණයෙන් යුතු වූවක් නම් පසුකාලිනව Sound Card, Video Card ආදිය සඳහා Adaptor Card යෙදිය යුතු වේ. මෙය කළ හැකි වනුයේ On Board Disable ක්‍රමය සහිත මව් පුවරුවක් මිළ දී ගතහොත් පමණි. නැතහොත් අලුත් මව් පුවරුවක් මේ සඳහා යොදා ගැනිමට සිඳු වේ.

 පරිඝණක නිර්මාණය කිරිම පිලිබදව මනා    දැනුම

අප වෙළදපොලෙ අලුත් පරිඝණකයක් මිලදි ගත් අවස්තාවෙදි එම පරිඝණකය ඉතාමත් අදික මිලකට මිලදි ගැනිමට සිදුවෙයි සාමාන්‍යයේන් 75'000 80'000 අතර මිලකට ය නමුත් ‍අපට එය 25'000  30'000 බව ඔබ දන්නවාද පරඝණකයේ වැදගත්ම ස්තාණයක් වන CPU'' තමයි පරිඝණකයේ මිල අදිකම ස්තානය'  

 
මම ඔබට අලුත් CPU හදන හැටි කියලා දෙන්නමි.. මම සකසන්න කියාදෙන CPU එක ලෝකයේ දැනට බාවිතාවන උපාංඝයකි.. (Dual_core) 2.7 GHz
 
      
   *බාවිතා වන උපාංග

1:motherbord                                         රු  5500
2:intel processor(2.7 GHz) to Fan          රු 8500
3:Ram(1GB)                                          රු 3100
4:Rom (DVD.CD)                                 රු 2250
5:Hard disk(160.500GB)                       රු 5250
6:Cpu Husing                                         රු 1000
7:Sata ID                                                      free
8:Power sapply unit                                රු 1500

  දන්නවානෙ ගාන කියියද කියලා 24850

අපි බලමු හදන්නෙ කොමද කියලා?
 1 අපි පලමුව Husing  එකට motherbord   සවිකරගැනිම සවිකර ගැනිමෙදි ඉතා වැදගත් කරුනක් මතක තියා ගතයුතුයි motherbord  එකේ ඇතුල් පැත්ත කිසිම වෙලාවක ඇල්ලිමෙන් වැලකිය යුතුය අතින් ඇල්ලුවොත් bord එකේ ඇති පරිපත විනාශ විමි සිදු‍ෙවි
  motherbord එක සවිකර ඉන්පසු :Rom උපාංගය යේත් වැදගත් කරුනක් ඇත එයත් මැදින් ඇල්ලිමෙන් වැලකිය යුතුය Rom එක පැත්තක යටි කොටසක පොඩි සලකුනක් ලකුනු කරඇත එම කෙරවල motherbord එකේ Rom සවි කරන ස්තානයට අදැල වනසේ සවිකර ගතයුතුවෙ Rom එක ගෙන එය දෙපැත්ත කොරවල ඇගිලි තුඩු වලින් අල්ලා දෙපැත්තට සමවනසේ  motherbord එකට සවිකරගත යුතුවෙ  ඉන්පසු processor සවි කරගන්න ප්‍රතමයෙන් motherbord එකේ පින් ඓක පස්සට දමා ඉන්පසු processor එක අදාල ස්තානයට දාමා ගත යුතුය processor දමාන්න ප්‍රතමයෙන් processor පොඩි තිතක් සලකුනුකර ඇත එම ස්තානය නිවැරදිම සවිකර ගැනිම කලයුතුය'' ? ඉන්පසු දමා පින් ඓක processor සවිවනසේ වසාගන්න ඉන්පසු coll fan එක අදාල තැන දමා පින්4 සවි කරගත යුතුයි fan කෙබල් nb chipset සවිකර ගන්නන ..මිලගට Power sapply unit සවිකර ගතයුතුය unit එකේ වැර් රාසියක් එක ඇති කෙබලය  motherbord (power connector{24pin}) සවිකර ගත යුතුය තව පින් 4 කෙබලය(power connector{4pin})සවිකර ගන්න  ඉන්පසු Hard disk සවිකරගන්න..සවිකරගෙන Sata ‍කෙබල් එක සවිකර motherbord කරන්න ඉන්පසු:Rom සවිකරන්න අර වගෙම Sata කෙබල් සවිකරගන්න මිලගට front panel connector කියන්නේ පරිඝණකයේ  power LED, on/off , HDD LED,speaker එ එ ‍කෙබල් නිවැරදිම සවිකර ගත යුතුය..? දැන් අපි cpu එක හදලා ඉවරයි 
ඉන්පසු කිබොර්ඩි'' මවුස්'' මොනිටර් කෙබල්  නිවැරදිව සවිකර ගත යුතුයි' සවිකර on කරන්න ඉන්පසු ‍fomating කරගන්න මම පස්සේ කියාදෙන්නමි pc fomating කරගන්නා විදිය පිලිබදව හොදේ